පෙරවදන

ඉඩ කඩක් ලැබුණු මොහොතක කාලයක සිට බලාගෙන හිටපු කතා ටිකක් කියන්නට තැනක් ලෑස්ති කරගන්න හිතුවා..
“කටුබලිය“ මං හිතනවා නරක නැ කියලා...
ඕනෙ එකක්..මෙන්න පෙරවදන,
නව කතාවක්, සත්‍ය සිදුවීමක්, නාට්‍යක්, ගීතයක්, කවියක් වගේ මනුෂයෙක් කියල කියන ඕනෙ කෙනෙක්ගේ හිතට වදින දෙයක් ගැන ඕනෙවට වඩා කටුගාන්න වගේම වැඩිය කතා බහට ලක් නොවන, ඒ පිළිබද අප්‍රකට කතා ටිකකුත් හැකි පමණින් සොයා අමුණන්නත් බලාපොරොත්තු වෙනවා.
ඒ එක්කම අතින් ඔහේ කටුගෑවෙන දේවල් හා ජීවිතයේ ගෙවුනු පරණ මතක සටහන් අළුත් වුනොත් ඒවා ගැනත් හෙමි හෙමින් කටුගෑවෙයි කියල මතක් කරනවා...

No comments:

Post a Comment