ගුරු නොගැයූ ගීතය



දින දෙකක් ගෙවී
ඒ දෑස ගිලිහී
අදවත් ඒවි දැයි
බලයි මා විපරමින්
....................
එසේ නොසිතන්
නුඹ මාගේ අල්තීනායි
එහෙත්....,
නොවෙයි මා තවත්
දුයිශෙන් කෙනෙක්..

දැවෙන ඔබ



දල්වන තුරු
ඉවසුම් නැතිව සිට
දල්වා,
මුළු හදවතින්ම
පහස විද..
මාගේ දෑගිලි තුලම
දැල්වී පිච්චී යන ඔබ...
හරියට
තව මොහොතකින්
අවසන් වන
මාගේ ප්‍රේමය නොවන්නේද..?